Home » ලෙඩ නොවී හැඩ වෙන්නේ මෙහෙමයි!

ලෙඩ නොවී හැඩ වෙන්නේ මෙහෙමයි!

by sachintha
February 24, 2025 1:51 am 0 comment

වර්තමානය වන විට සමාජයේ බොහෝ පිරිසක් අඩු වැඩි වශයෙන් රූපලාවණ්‍ය සඳහා යොමු වී සිටී. ඉන් වැඩි පිරිසක් යොමුවී ඇත්තේ ආයුර්වේද රූපලාවණ්‍ය සඳහාය. එයට හේතුව වන්නේ සෞඛ්‍යයට යහපත් හිතකර දේ ලබා ගැනීමයි. එලෙසම සෙසු ක්‍රමවල තිබෙන අතුරු ප්‍රතිඵල නිසාත් ය. විශේෂයෙන්ම රූපලාවණ්‍ය භාවිත කරනු ලබන්නේ රූපයෙහි ඇති සුන්දරත්වය වැඩි කර ගැනීම සඳහාය. නමුත් එම සුන්දරත්වය කෙටිකාලීනව පමණක් වීම සහ වෙනත් අතුරු ආබාධ සහිත වීම හේතුවෙන් ස්වභාවිකත්වය එක්වුණු ආයුර්වේද රූපලාවණ්‍යය ක්‍රම වෙත යොමුවීමේ ප්‍රවණතාවක් පවතී. එහිදී කාන්තාවන් හා පුරුෂයන් යන දෙපාර්ශ්වයම භේදයකින් තොරව ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා යොමුවීමක් දක්නට ලැබේ. නිෂ්පාදන පමණක් නොව රූපලාවණ්‍ය ප්‍රතිකාර ක්‍රම පවා ආයුර්වේදීය ආකාරයෙන් සිදුකර ගැනීමට යොමුවී තිබේ. එමෙන්ම ජනතාවට තමන්

 

තෝරා ගන්නා රූපලාවණ්‍ය වර්ගය පිළිබඳව දැනුම්වත්භාවයක් නොමැතිකම හේතුවෙන් බොහෝමයක් රැවටීම්වලට සහ අතුරු ආබාධයන්ට ලක්වී ඇත.

නිෂ්පාදනයක අන්තර්ගතය පිළිබඳව නොදැනුම්වත්භාවය මෙහිදී ප්‍රධාන වේ. බොහෝ අවස්ථාවල ස්වාභාවික යැයි නම් කරන සියලුම දෑ ස්වාභාවික නොවිය හැකිය. සාමාන්‍යය ආයුර්වේද නිෂ්පාදනයක් සඳහා වුවත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිත කරනු ලබයි. ඒ සඳහා ශරීරයට අහිතකර නොවන කල් තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් නිෂ්පාදනයේ ස්වාභාවිකත්වය ආරක්ෂා කරගත හැකිය. එලෙසම ෆිනොක්සි එතනෝල් , EDTA, රසදිය, ඇල්කොහොල් සමට එතරම් සුදුසු නොවන අන්තර්ගතයන් වේ. මේවා පිළිබඳ දැනුම්වත්භාවය නොමැතිවීම හේතුවෙන් මිනිසුන් ස්වාභාවික යැයි හෝ ආයුර්වේදීය යැයි සඳහන් කළ පමණින් මිලදී ගැනීමට පෙලඹී තිබේ. එබැවින් නිසි අන්තර්ගතයන් හඳුනාගැනීම මඟින් ශරීරයට අහිතකර නොවන දෑ තෝරාගැනීමේ හැකියාව ලැබේ.

උපදෙස් – වෛද්‍ය

සචිනි අත්තනායක

නිසංසලා

කොට්ටගස්වත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT