තුවාලයක් සීරීමක් අත්පාවල ඇති විට මී උණ අවදානම වැඩිය. කැපුම් තුවාලයක් පමණක් නොව දිලීර ආසාදන හා යටි පතුල් පැළීම පවා මේ බැක්ටීරියාව ශරීරය තුළට කාවැදීමට පුළුවන. ඉකුත් වසරේ මී උණ රෝගීන් 9000ක් පමණ වාර්තා වී ඇති අතර මේ වසරේ දැනට 10,000 ඉක්ම වූ රෝගීන් පිරිසක් වාර්තා වී තිබේ. ලෙප්ටොස්පයිරෝසීස් බැක්ටීරීයාවෙන් (Leptospirosis) වැලඳෙන රෝගයකි.
මී උණ අවදානම වැඩි තැනැත්තන්
* වී ගොවීන්ට මේ සඳහා වැඩි අවදානමක් පවතියි. ගංවතුරට ලක්වන පිරිස සහ සහනාධාර බෙදා දීමේ කටයුතුවල නිරත වන පුද්ගලයින් මේ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්ය. අනෙක, කුඹුරු සහ ජලජ ආශ්‍රිත වෙනත් වගා කටයුතුවල නිරත වන පුද්ගලයින් (කීර ආදිය) පතල් සහ ගංගා ආශ්‍රිතව වැලි ගොඩ දමන තැනැත්තන්ටත් එය එසේමය. ජලය ආශ්‍රිතව යම් යම් ක්‍රීඩාවල නිරත වන්නන්ට ද මේ අවදානම වැඩිය. සැබැවින්ම මී උණ සඳහා වැඩි අවදානමක් ඇත්තේ වී ගොවිතැනෙහි නිරත වන අයට පමණක්ම නොවන බව ද සඳහන් කළ යුතුය.
රෝග ලක්ෂණ
උණ, අප්‍රාණික බව, මස් පිඬුවල තදබල වේදනාව, ඇස් රතුවීම, හිසරදය, වමනය, මූත්‍රා අඩුවෙන් පිටවීම හා කහ පැහැවීම. මූත්‍රා සමඟ රුධිරය පිටවීම.
මෙවැනි රෝග ලක්ෂණ ඇති අය ගංවතුර වැනි අවදානම් නිරාවරණ තත්ත්වයකට මුහුණ දුන්නේ නම්, එය මී උණෙහි රෝග ලක්ෂණ බව අවබෝධ කරගත යුතුවේ. එසේම, ඉක්මනින් නිසි ප්‍රතිකාර කරා යොමු නොවුවහොත් වකුගඩු, අක්මාව, මොළය වැනි ශරීරයේ අවයව ගණනාවකට බලපා මරණය පවා ඇතිවිය හැකි තත්ත්වයකි, මේ.
උපදෙස් : සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ
වෛද්‍ය
කුමුදු වීරකෝන්
ආශිර්වාදිනි හෙට්ටිආරච්චි