ප්‍රශ්නය :
සත් හැවිරිදි දියණියට ඇදුම රෝගයට ඉන්හේලර් පාවිච්චි කරනවා. එය නතර කළ පසු නැවත රෝගී තත්ත්වය ඇතිවේද? (ප්‍රසංගි_මහනුවර)
පිළිතුර
ජානමය සාධක මත මවට හෝ පියාට මේ රෝගී තත්ත්වය තිබේනම් තරුණ වියේදී නැවත හටගැනීමේ අවදානමක් තිබෙනවා . පරිසර සාධක මතත් එය අඩු වැඩි වෙන්න පුළුවන්. කෙසේ නමුත් වයසත් සමඟ රෝගී තත්ත්වය සුවවීමක් සිදුවේවි.
දරුවාගේ වසා ගැටිති ප්‍රශ්නකාරිද?
ප්‍රශ්නය :
මගේ දරුවාට අවුරුදු 03යි. වසාගැටිති තිබේ. එයට ශල්‍යකර්මයක් ඕනේද?
(සඳුන් _මීරිගම)
පිළිතුර :
දරුවාගේ වැඩීමත් එක්ක සමට යටින් ඇති තෙල් තට්ටුව නිසා අතට හසුවන වසා ගැටිති ප්‍රමාණය අඩුවිය හැකියි. එයට ආසාදනයක් එක්වී ඇත්නම් පමණක් වසා ගැටිති විශාල වෙනවා. වේදනාව දැනෙනවා. එවිට පමණයි අවධානය යොමුකළ යුත්තේ.
බබාට අසනීපයි!
ප්‍රශ්නය :
අවුරුදු හයේ මගේ බබා බඩ රිදීම, වමනයට එන බව, කෑම අරුචිය ගැන නිතර කියනවා. (සරෝජනී රත්නපුරය )
පිළිතුර :
මේ කරුණු තුන සඳහා වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍යයි. සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර, පරික්ෂාවන් සඳහා උපදෙස් ගන්න.
දරුවාට කල්පවතින කැස්සක්!
ප්‍රශ්නය :
දරුවාට මාස 2ක සිට කැස්සක් තිබෙනවා. නිසි පිළියමක් කියන්න? (චන්න-හලාවත )
පිළිතුර :
මෙය දීර්ඝකාලීන කැස්ස ලෙස හඳුන්වන්න පුළුවන්. එය අසාත්මිකතාවකට, ඇදුම තත්ත්වයට, විෂබීජ ආසාදනයකට, කෝඨර ප්‍රදානයට, ගැස්ට්‍රයිටිස්වලට වෙන්නත් පුළුවන්. වෛද්‍ය පරීක්ෂාවට ලක්විය යුතුයි. දරුවාගේ ශරීර සුවතාව හොඳින් තිබේදැයි බලන්නත් වෙනවා.
උපදෙස් – රිජ්වේ ආර්යා ළමා රෝහලේ
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය
මනෝජ් රුක්මල් කුමාරසිංහ