Monday, April 21, 2025
Home » ඩී.ආර්. විජයවර්ධන 139 වැනි ජන්ම දින සමරු පින්කම අද

ඩී.ආර්. විජයවර්ධන 139 වැනි ජන්ම දින සමරු පින්කම අද

by sachintha
February 24, 2025 1:50 am 0 comment

ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් අද (24) රාත්‍රියේ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

හෙට (25) දහවල් මහා සංඝරත්නය විසිපස්නමක් විෂයයෙහි දානමය පින්කමක් ද පැවැත්වීමට ලේක්හවුස් බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දින සැමරුම ඊයේ (23) දිනට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් සෑම වසරකම මහසඟරුවන වඩමවා පිරිත් පින්කමක් ආයතනයේ පවත්වන අතර දෙපාර්තමේන්තු මට්ටමින් දහවල් දානය පිරිනැමීම ද සිදු කෙරේ. එමෙන්ම වාර්ෂිකව ලේ දන්දීමේ පින්කමක් ද ලේක්හවුස් බෞද්ධ සංගමයේ සංවිධායකත්වයෙන් සිදු කෙරේ.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT