Home » ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය යළි ඇරඹෙයි

ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය යළි ඇරඹෙයි

by chanaka
February 23, 2025 6:22 pm 0 comment

තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට පසු නැව​ත ඊයේ (22) කන්කසන්තුරේ වරායට ළඟාවී ඇති බව සඳහන් වේ.

මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වනු ඇත.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙය ඉකුත් වසරේ නොවැම්බර් මාසයෙන් පසු තාවකාලිකව නතර කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT