මහවැලි ජනපද තුළ කිරි ගව පාලනය ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.
ඉතා කෙටි කලක් තුළ දේශීය දියර කිරි පරිභෝජන අවශ්‍යතාවය අප රට තුළම සපුරා ගැනීම වර්තමාන රජයේ අරමුණ වන අතර රජයේ මෙම අරමුණ සපුරා ගැනීමට දායක වීම පිණිස මහවැලි සී කලාපයේ ක්‍රියාත්මක පුනරුද වැඩසටහනට සමගාමීව මෙම කටයුතු මැලසුම් කර ඇත.
ඒ අනුව මහවැලි සී කලාපයේ වෙසෙන ජනපදිකයන්ට ඔවුන්ගේ ප්‍රධාන භෝග වගාව වන වී ගොවිතැනට අමතරව, අමතර ආර්ථික ලාභයක් ලබා ගැනීමට හැකි වන පරිදි දියර කිරි නිෂ්පාදනයට යොමු කරලීම මෙම වැඩසටහන මගින් සිදු කරයි.
මෙහිදී , තෝරාගත් ගොවි මහත්වරුන් සහ පාසල් ළමුන් සඳහා කිරි නිෂ්පාදනයේ මූලික කරුණු පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී . මෙම වැඩසටහන මහවැලි සී කලාපය පුරා ම ක්‍රියාත්මක කිරීම මහවැලි අධිකාරියේ අපේක්ෂාවයි.
බුද්ධිකා ඉඹුලාන