නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ධීවර යාත්‍රා 05ක සිටි අදාළ ධීවරයින් පිරිස මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ දී සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
ඊයේ (22) රාත්‍රී සහ අද (23) අලුයම් කාලයේ උතුරුමැද නාවික විධානය මගින් අදාළ මෙහෙයුම සිදුකර ඇති බව සඳහන්ය.
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් සහ යාත්‍රා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.
ඒ අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 131 දෙනෙකු සහ ධීවර යාත්‍රා 18ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.