Tuesday, April 22, 2025
Home » චීන විද්‍යාඥයින් අලුත් කොරෝනා වෛරසයක් වවුලන්ගෙන් සොයාගනියි

චීන විද්‍යාඥයින් අලුත් කොරෝනා වෛරසයක් වවුලන්ගෙන් සොයාගනියි

by chanaka
February 23, 2025 10:11 am 0 comment

චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂකයින් විසින් වවුලන් අතර ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසයක් සොයාගෙන ඇති අතර, එය අනාගත පැතිරීමේ සිදුවීම් පිළිබඳ කනස්සල්ලට හේතු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරස් විද්‍යාඥ ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් චීන පර්යේෂකයන් විසින් සිදු කළ අධ්‍යයනයකදී සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවදානම් ඇති කරන වවුලන් අතර ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසයක් සොයාගෙන ඇත.

අලුතින් සොයාගත් වෛරසය HKU5-CoV-2 ලෙස නම් කර තිබේ. එය සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතී.

මෙම වෛරසය, මර්ස් වෛරසය ඇතුළත් මර්බෙකො වයිරස් උප කුලයට අයත් වේ.

කෙසේ නමුත් මෙතෙක් මිනිසුන් තුළ කිසිදු ආසාදනයක් මෙම වෛරසය සම්බන්ධයෙන් වාර්තා වී නොමැත.

මෙම අලුතින් හුදකලා වූ වෛරසය මිනිස් සෛලවල ACE2 ප්‍රතිග්‍රාහකයට බන්ධනය විය හැකි අතර, එය කොවිඩ්-19 වෛරසය භාවිත කරන මාර්ගයම බව රොයිටර් පුවත් ඒජන්සිය උපුටා දක්වන ලද අධ්‍යයනයට අනුව සඳහන්වන බව සඳහන් වේ.

සෙල් සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යයනයකින් පෙන්වාදී ඇත්තේ, HKU5-CoV-2 රසායනාගාර පර්යේෂණ ඔස්සේ මිනිස් සෛල ආසාදනය කරන බව සොයාගෙන ඇති බවයි. එසේම එහි විශේෂ වේගවත් පැතිරීමේ හැකියාව පිළිබඳ කනස්සල්ලක් පවතින බවද පුවත් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත්, පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ මෙම වෛරසය මිනිසුන්ට පැතිර යාමේ හැකියාව තවදුරටත් “පරීක්ෂා කළ යුතු” බවයි.

මේ අතර නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම අ ධ්‍යයනයෙන් හෙළි වූයේ වෛරසය, 2020 වසරේ ව්‍යප්ත වූ කොවිඩ් -19 වසංගතයේ ක්‍රියාවලියට සමීප බවයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT