Saturday, April 19, 2025
Home » කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිව අත්හිටුවයි

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිව අත්හිටුවයි

by yasara
February 22, 2025 12:59 pm 0 comment

කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් නිසා මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව පහත සඳහන් දුම්රිය ධාවනය අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව නතර කෙරෙනු ලබයි.

අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)
අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)
අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)

කෙසේවෙතත් රාත්‍රී කාලයේදී දුම්රිය ධාවනය කෙරෙන බවද සඳහන් වෙයි.


 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT