Home » මිද්දෙණියේ ඝාතනයේ සැකකරුවන් පැය 72 ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර

මිද්දෙණියේ ඝාතනයේ සැකකරුවන් පැය 72 ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර

by yasara
February 22, 2025 12:48 pm 0 comment

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදුන්නේය.

අත්අඩංගුව ගත් සැකකරුවන්ගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රශ්නකිරීමට ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත.

ඒ අනුව සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ. ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT