Home » බස් රථයක් ගිනි ගෙන එක් අයෙක් මරුට

බස් රථයක් ගිනි ගෙන එක් අයෙක් මරුට

by yasara
February 22, 2025 10:12 am 0 comment

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් රැගෙන පැමිණි බස් රථයක් අද (22) අළුයම හදිසියේ ගිනි ගෙන ඇති බව උඩමළුව පොලිසිය සඳහන් කරයි.

ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ මෙම ගින්න ඇති වී තිබෙයි.

එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසු වී මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනුරාධපුර නගර සභා ගිනි නිවිමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇත.

උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.‍

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT