Home » සීඑච් පිල අද ශ්‍රී ලයන්ස්ට එරෙහිව
පළඟ ශූරතාව හඹා යන

සීඑච් පිල අද ශ්‍රී ලයන්ස්ට එරෙහිව

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාව හඹා යන සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය අද (21) ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සමඟ එම වටයේ දෙවැනි තරගයට එක්වෙයි. කුසලාන වටයට සුදුසුකම් ලැබීමට අසමත්වූ සීඑච් පිල මෙවර තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගනිමින් සෑහීමකට පත්වීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා පොලිස් ක්‍රීඩා සමාජයෙන් දැඩි අභියෝගයක් එල්ල වනු ඇත.

පසුගිය සති අන්තයේ ආරම්භ වූ පළඟ ශූරතාව වටයේ සිය පළමු තරගයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 59-16ක දැවැන්ත ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන පසුවන සීඑච් ක්‍රීඩකයන් ජයග්‍රාහී මානසිකත්වයෙන් පසුවන අතර, තරග දෙකක් පමණක් ජයගෙන අටවැනි ස්ථානයේ පසුවන කෝඩුකාර ශ්‍රී ලයන්ස් පිල පසුගිය සතියේදී පොලිස් පිල හමුවේ ලකුණු 18-12කින් පරාජයට පත් විය.

පළඟ ශුරතා වටයේ තවත් තරගයක් හෙට (22) නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර පනාගොඩදී පැවැත්වීමට නියමිතය. ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවන යුද හමුදා පිල තරග 3ක් ජයගෙන සිටින අතර, අවසන් ස්ථානයේ පසුවන නාවික හමුදා පිල මෙවර තරග වාරයේ මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අසමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT