Monday, April 21, 2025
Home » සෝන්ඩර්ස්-මැන්චෙස්ටර් අවසන් සටනට එති

සෝන්ඩර්ස්-මැන්චෙස්ටර් අවසන් සටනට එති

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
මැන්චෙස්ටර් ඇකඩමි පිල

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති කුසලාන යොවුන් පාපන්දු තරගාවලියේ 16න් පහළ අවසන් මහා තරගයට මැන්චෙස්ටර් ඇකඩමි ‘ඒ‘ හා සෝන්ඩර්ස් ඇකඩමි කණ්ඩායම් සුදුසුකම් ලබයි. එම අවසන් මහා තරගය මේ මස 22 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බැද්දගාන පාපන්දු ක්‍රීඩාංගණයේදී ලීග් ක්‍රමයට මූලික වටයේ තරග 6 බැගින් පැවැත්වූ අතර, මැන්චෙස්ටර් ඇකඩමි පිල පිල තරග 4ක් ජය ලබා තරගයක් පරාජයවී තවත් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාකොට ලකුණු 13ක් ලබා ඉදිරියට පැමිණියේය. සෝන්ඩර්ස් ඇකඩමි පිල තරග හයේදී ජයග්‍රහණ 3ක්, පරාජ දෙකක් හා ජය පරාජ‍යෙන් තොරව තරග 3ක් නිමාකොට දෙවැනි තැනට පත් විය.

16න් පහළ කාණ්ඩයේ තෙවැනි තැන ජාවාලේන් පිලට හිමි වූ අතර, පිළිවෙළින් බාසිලෝනා, කළම්බු යුත්, කොළඹ පාපන්දු සමාජය හා මැන්චෙස්ටර් ඇකඩමි ‘බී‘, යන කණ්ඩායම් සිටියහ.

පාපන්දු ඇකඩමි අතර පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයින්ට රුපියල් ලක්ෂයක් හා අනුශූරයින්ට රුපියල් 50000ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාපන්දු පුහුණුව ලබාදීමට කැපවී කටයුතු කරන මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමි සභාපති ඔගස්ටින් ජෝර්ජ් මහතා ඇතුළු පිරිසක් මෙම තරගාවලිය සංවිධානය කරති.

සෝන්ඩර්ස් ඇකඩමි පිල

සෝන්ඩර්ස් ඇකඩමි පිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT