Home » දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට චීනයේ සහාය

දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට චීනයේ සහාය

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ගන්දර සමූහ - ජයසිරි පේදුරුආරච්චි

දකුණු පළාතේ සංචාරක කර්මාන්තය විදේශිකයන්ගේ ආකර්ෂණය ඇතිවන ආකාරයට දියුණු කිරීමට චීන රජයේ සහයෝගය ලැබී තිබේ. ඒ යටතේ දෙරට අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, විශේෂයෙන් දකුණු පළාතේ දැනට සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස ප්‍රචලිත කිරීමට හැකි ස්ථාන සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම, ඒ සඳහා පුහුණු අවස්ථා ලබාදීම, ඔවුන්ගේ ප්‍රදර්ශන හා වෙනත් වැඩසටහන්වලදී එවැනි සුවිශේෂී ආකර්ෂණීය ස්ථාන පිළිබඳව චීන නගරවලදී එම පිරිස් දැනුම්වත් කිරීම අරමුණ වී ඇත.

ඒ අනුව වත්මන් රජය ගෙනයන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට යොදා ගන්නා වැඩසටහන්වලට සහය වීමටත්, එම ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය සහය ලබා දීමටත් නියමිත අතර මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ ආරාධනයකට අනුව චීනයේ ෆූජියන් පළාතේ දූත පිරිසක් හා දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා අතර පෙරේදා (19) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ධීවර කර්මාන්තයේදී ධීවරයින් මුහුණපාන විවිධ ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම්, ධීවරයින් භාවිතා කරන සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රම වෙනුවට නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමටත්, එම දැනුම ලබාදීම සඳහා ධීවරයින්ගේ දැනුම පුළුල් කිරීමේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම හා ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම පිළිබඳව සහ ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමේ විවිධ ක්‍රම හා ක්‍රියාමාර්ග, ධීවර ක්ෂේත්‍රයේ අතුරු නිෂ්පාදන නඟා සිටුවීම, අලි මිනිස් ගැටුම් ඇතුළු කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අනතුරුව දකුණු පළාතේ සංස්කෘතික, සංචාරක, පුරාවිද්‍යා, ආගමික, කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍රයන් අලලා සකස් කරන ලද වීඩියෝ දර්ශනයක් නැරඹීමටද දූත පිරිස එක්වූ අතර, දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT