මේ දිනවල යාපනයේ වල්ලෙයි කලපු තීරයේ කඩොලාන පරිසරයට විදේශීය පක්ෂි විශේෂයක් වන පක්ෂීන් රංචු පිටින් පැමිණෙන්නට පටන් ගෙන තිබේ. ‘සියක්කාරයින්’ වශයෙන්ද හඳුන්වනු ලබන මෙම පක්ෂීන් රංචු වශයෙන් ඉහළ අහසෙහි හා කලපු තීරයේ විවිධ රටා මවන්නට පටන් ගැනීමත් සමඟම මේ දිනවල යාපනයේ එම ප්‍රදේශවලට දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන්නට පටන් ගෙන තිබේ. වෙනත් වාරවල මෙම විදේශීය පක්ෂීන් උතුරු ප්‍රදේශයට පැමිණෙන්නේ මාර්තු මාසයේ අග සතියේ හා අප්‍රේල් මුල් සති දෙකේදී වුවත් මෙවර එම පක්ෂීන් වේලාසනින් උතුරු ප්‍රදේශයට පැමිණෙන්නට පටන්ගෙන තිබේ. සාමාන්‍යයෙන් ‘සියක්කාරයින්’ යාපනයේ මෙම කලාපයට හා මන්නාරමේ කුංජිකුලම් කුරුලු උයන දෙසට වසරකට වරක් පැමිණීම අනාදිමත් කාලයක සිට සිදු වන්නකි.
විදේශීය රටවල දැඩි සීතල හා හිමපතනය වන කාලසීමාවේදී මෙම පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණ මාසයක පමණ කලයක් ලැගුම් ගෙන සිට ආපසු ඉන්දියාව හරහා යුරෝපා රටවලට සංක්‍රමණය වෙති.