Home » ඌ‍වේ ක්‍රියාත්මක සංවර්ධනය නිරීක්ෂණයට කොරියානු දූත පිරිසක්

ඌ‍වේ ක්‍රියාත්මක සංවර්ධනය නිරීක්ෂණයට කොරියානු දූත පිරිසක්

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණතිලක ඌව පළාත් සමූහ - ප්‍රසන්න පද්මසිරි

ඌව පළාතේ වැලිමඩ ප්‍රදේශයේ කොරියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක වන බීජ අර්තාපල් නිෂ්පාදන ව්‍යපෘතිය මඟින් දිවයින පුරා ගොවිබිම්වලට බීජ අර්තාපල් බෙදාහැරීමට සැලසුම් කර ඇත.

ඒ පිළිබඳව සොයාබැලීම සඳහා දකුණු කොරියාවේ ‘ගේයෝන් සන් බුක් දෝ’ පළාතේ ‘චියෝන් ඩෝ’ දිස්ත්‍රික්කයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සහ සේමාවුල් පදනමේ නියෝජිතයින් ඇතුළු දූත පිරිසක් පෙරේදා (19) ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා ඇතුළු නිලධාරින් හමුවී ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාකරන ලදි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන 07 වැනි සේමාවුල් සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක මෙම බීජ අර්තාපල් නිෂ්පාදන වැඩසටහන යට‍තේ වසරකදී බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 4.5 බැගින් වසර පහක කාලයක් සේමාවුල් පදනම මඟින් වැලිමඩදී නිෂ්පාදනය කර දිවයින පුරා බෙදාහැරීමට නියමිතය.

මීට සමගාමීව වැලිමඩ ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ තොගයක් පිරිනැමීමද සිදු කෙරිණි. මෙහිදී ආණ්ඩුකාරවරුන් අතර සමරු තිළිණ හුවමාරු කර ගත් අතර, දෙරට අතර වසර 45 තිස්සේ පවතින සුහදතාවය වර්ධනය කර ගැනීමේ සාකච්ඡාවකද නිරත විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT