මහියංගණ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කුකුළාපොළ ග්‍රාමයේ වනඅලි ප්‍රහාරයකට ලක්ව ඊයේ (20) උදෑසන පුද්ගලයකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මහියංගණ, වේවත්ත, කුකුළාපොළ පාසල අසල යන ලිපිනයේ පදිංචිව සිටි කිඹුල්ඔබ්බේ හේරත් මුදියන්සේලාගේ ගුණබංඩා නමැති වයස අවුරුදු 60ක පුද්ගලයෙකි. ඔහු තිදරු පියෙකි.
මියගිය පුද්ගලයා හේන් රැකීම සඳහා රාත්‍රී ගොස් ඇති අතර, පැල් රැක, උදෑසන 6.30ට පමණ යළි නිවෙසට පැමිණෙමින් සිටියදී වනඅලි ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේදීම මියගොස් ඇත. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.
මේ ආකාරයෙන්ම පසුගිය 09 වැනිදා රාත්‍රියේ මහියංගණ දම්බරාව වම් ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි ඩී.එම්. ටී. දිසානායක නමැති තිදරු පියෙක් වනඅලි ප්‍රහාරයකට ලක්ව මිය ගියේය. මහියංගණයේ වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා පසුගිය 10 වැනිදා මහියංගණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීහු ප්‍රාදේශීය සම්බන්ධීකරණයට පැමිණෙමින් සිටි දේශපාලන නායකයන් හට විරෝධය පෑහ.