138
බීමට ජලය සොයා පැමිණි වන අලියකු ඊයේ (20) අලුයම පොලොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇළට වැටී සිටියදී පැය තුනක පමණ මෙහෙයුමකින් අනතුරුව වෙහෙරගල වනජීවි නිලධාරීන් විසින් මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන එම අලියා දිඹුලාගල වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කර ඇත.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට මෙම අලියා බීමට ජලය සොයා පැමිණීමේදී අරලගංවිල බමුණාකොටුව ප්‍රදේශයෙන් ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට වැටීමෙන් පසු ජලයේ සැඩ පහරට කිලෝමීටර් හයක් පමණ දුරට ගසාගෙන ගොස් ඇති බවද
මෙහෙයුම ක්‍රියාත්මක කළ වෙහෙරගල වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
ඇළට වැටී ගොඩගත් වන අලියාගේ වයස අවුරුදු තිස්පහක් පමණ වන බවද වෙහෙරගල වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරියකු සඳහන් කළේය.