ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද්දේ තෘප්තිමත් තාරුණ්‍යයක්, නිවහල් චින්තනයක් වෙනුවෙන් පෙරනිමිති පෙන්වන අය-වැයක් යැයි සමාජවාදී තරුණ සංගමය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජික මහේෂ් අඹේපිටිය මහතා පැවසුවේ ආණ්ඩු බලය ගැනීමට පෙර සිටම මෙරට තරුණ තරුණියන් සමඟ එකට එක්ව කටයුතු කරන ස්වේච්ඡා තරුණ සංවිධානයක් ලෙස කාලයක සිට තාරුණ්‍යය ගොඩනැඟීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තම සංවිධානය මඟින් ඉදිරිපත් කළ බවයි.
මෙවර අය-වැය මඟින් එම වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට හැකියාව ඇති බවද හෙතෙම කීවේය.
සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ ප්‍රකාශ කර සිටියේ, ක්‍රීඩාව වෙනුවෙන් පසුගිය ආණ්ඩු මඟින් වෙන් කළ ප්‍රතිපාදනයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමත් එම වැය ශීර්ෂයන් තුළ ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් සකසා ඇති වැඩපිළිවෙළත්, සංවිධානයක් ලෙස අගය කරන බවයි.
පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති තරුණ තරුණියන් වෙනුවෙන් මෙවර අය-වැයෙන් වැඩිපුර වෙන්කොට ඇති මිලියන 100ක මුදල පිළිබඳවත් ඔවුන් ඉලක්ක කර ගනිමින් අරමුණුසහගතව NVQ මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබා දීම වෙනුවෙන් දියත් කරලීමට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙළත්, අගය කරන බව ප්‍රකාශ කරන ලදි.