Home » අනාරක්ෂිත තත්ත්වයේ සිටින සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කරන්න

අනාරක්ෂිත තත්ත්වයේ සිටින සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කරන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by mahesh
February 21, 2025 1:00 am 0 comment

රටේත්, ජනතාවගේත්, මහජන නියෝජිතයන්, විනිසුරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) රජයෙන් ඉල්ලීමක් සිදු කළේය.

අධිකරණ භූමිය තුළ පෙරේදා සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව සමස්ත සමාජයම අනාරක්ෂිත භාවයට පත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.

විනිසුරුවරුන්ට යම් ආරක්ෂාවක් ලබා දුන්නද පසුගිය කාලයේ දී විනිසුරුවන්ගේ ආරක්ෂාව ඉවත් කරන බවට ලිඛිතව දැනුම් දී තිබෙනවා. එමෙන්ම අද වන විට සිවිල් පුරවැසියන් මෙන්ම සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරන මාධ්‍යවේදීන් පවා අනාරක්ෂිත තත්ත්වයකට පත්ව සිටිනවා. ආරක්ෂාව අවශ්‍ය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිනවා. උසාවි නියෝගයකින් චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියාට ආරක්ෂාව ලබා දී තිබුණ එම ආරක්ෂාව ඉවත් කර තිබෙනවා.

එබැවින් සිවිල් සමාජයේ ජනතාවගේ ආරක්ෂාව හා මාධ්‍ය ක්ෂේත්‍රයේ අයගේ ආරක්ෂාව පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුයි. මෙම සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගත යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT