ආර්ථික ප්රජාතන්ත්රවාදය මූලධර්මය කර ගත් අය-වැයක් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හිමි කරදීමේ ගෞරවය ජනාධිපති අනුර කුමාරට හිමි වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.
ආර්ථිකයට සම්බන්ධ වන සියලු දෙනාට ඔවුන්ට හිමි පංගුව ආර්ථික ප්රජාතන්ත්රවාදී මූලධර්මය යටතේ හිමි වන බවත් ගජ මිතුරන්ට පමණක් ආර්ථිකය හැසිරවීමට ලබාදී තිබූ ඒකාධිකාරය වත්මන් ආණ්ඩුවෙන් බිඳ දැමූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. රජයේ සේවකයන් වැඩිවෙලා. නමුත් රජයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට 30,000ක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.