Monday, April 21, 2025
Home » ආණ්ඩුවේ ඉලක්කය රට ගොඩනැඟීම: සියලුදෙනා දායක වෙන්න

ආණ්ඩුවේ ඉලක්කය රට ගොඩනැඟීම: සියලුදෙනා දායක වෙන්න

මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි

by mahesh
February 21, 2025 1:00 am 0 comment

රට තුළ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟෙන්න අවශ්‍ය පාදම මේ අය වැයෙන් ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසුවාය.

වත්මන් ආණ්ඩුවේ අවසන් ඉලක්කය වනුයේ රට ගොඩනැඟීම වන නිසා සියලු දෙනාගෙන් ඒ සඳහා දායකත්වය ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

අය වැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.

මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.

උපකරණ හා පෝෂ්‍යදායී ආහාර වේලක් නොමැතිකම ක්‍රීඩා දරුවන්ට තිබෙන ගැටලුවක්. ක්‍රීඩා දක්ෂතාවන් දක්වන දරුවන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව රුපියල් 10,000ක් දක්වා ඉහළ නැංවීම සඳහා අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. පළාත් පහකට විශේෂිත ක්‍රීඩා පාසල් ඉදි කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කර තිබෙනවා. ක්‍රීඩා කෞශල්‍ය සහිත දරුවන්ට අත්වැලක් වීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. වැඩබිම ඇතුළු සෑම තැනකදීම මෙන්ම දේශපාලනයේදීත් කතාබහට කාන්තාව ලක්වෙනවා. මා මේ කතා කරන අවස්ථාවේදීත් මහ පොළොව සමඟ ගිනි අව්වත් එක්ක පොරබදන කාන්තාවන් සිටිනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT