Home » GGGI හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

GGGI හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

by chanaka
February 21, 2025 12:50 pm 0 comment

Global Green Growth Institute (GGGI) හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Helena McLeod මහත්මිය ඊයේ(20) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික සංවර්ධනය සහ තිරසාර මූලාරම්භයන් ඉදිරියට ගෙන යාමේදී දෙපාර්ශවයේ සහයෝගීතාවන්හි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව ඵලදායී සාකච්ඡාවක නිරත වීමට මෙහිදී හැකියාව ලැබිණි.

අග්‍රාමාත්‍යවරිය විසින් Helena McLeod මහත්මිය සහ ඇයගේ දූත පිරිස පිළිගත් අතර රට තුළ තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා GGGI හි අඛණ්ඩ සහයෝගය අගය කරන බවද පැවසීය. මහා පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීමේදී තිරසාර මූල්‍යකරණ යාන්ත්‍රණයන්හි කාර්යභාරය ඇතුළු තීරණාත්මක මාතෘකා කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

පරිසර සංරක්ෂණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරන “Clean Sri Lanka” ව්‍යාපෘතියේ ප්‍රගතිය සමඟින් පාරිසරික බලපෑම් අවම කිරීම අරමුණු කරගත් තිරසාර ප්‍රවාහන විසඳුම් පිළිබඳ රජයේ සැළසුම් මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරිය විසින් පැහැදිලි කළාය.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, පරිසර අමාත්‍යංශයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ කුලානි කරුණාරත්න, එම අමාත්‍යංශයේ සාගර සම්පත්, පාරිසරික සහ දේශගුණික විපර්යාස පිළිබඳ අංශයේ සහකාර අධ්‍යක්ෂ දුලංජි හේරත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT