Wednesday, April 23, 2025
Home » දුම්රියේ හොරට ගමන් ගත් 76ක් කළුතර දී මාට්ටු

දුම්රියේ හොරට ගමන් ගත් 76ක් කළුතර දී මාට්ටු

by chanaka
February 21, 2025 12:44 pm 0 comment

කළුතර දුම්රිය ස්ථානයේ ඊයේ (20)පස්වරු 4.00 සිට පැය දෙකක පමණ කාලයක් සිදුකල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ හොරට ගමන් කල මගීන් 76 දෙනෙකු කොටුකරගත් බව සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක සුගත් රෝහිත මහතා පවසයි.

අත්අඩංගුවට ගත් මගීන් අතර දුම්රියේ හොරට ගමන්ගත් කාන්තාවන් 15 දෙනෙකු සිටි බව ද සුගත් රෝහිත මහතා පැවසුවේය.

ගාලු කුමාරි, රුහුණු කුමාරි , සමුද්‍ර දේවී . සාගරිකා, හික්කඩුව යන කාර්යාල දුම්රියයන් වලින් පැමිණ කළුතර දුම්රිය ස්ථනයෙන් බැස යන මගින්ගේ කළ පරික්ෂාවකදි කිසිදු ප්‍රවේශපත්‍රයන් නොමැතිව ගමන්කල මෙම මගීන් පිරිස කොට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගවට ගත් මගීන් 46 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 139840/ ක දඩ අයකර ගෙන ඇත.

බොහෝ දෙනෙකුට ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති කමින් ඇපකර තබාගොස් තිබේ.

සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක සුගත් රෝහිත මහතා ඇතුළුව 24 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට තිබිණ.

නිමල් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT