Tuesday, April 22, 2025
Home » පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යුද හමුදාපති ප්‍රධානත්වයෙන්

පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යුද හමුදාපති ප්‍රධානත්වයෙන්

by chanaka
February 21, 2025 10:21 am 0 comment

‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ඊයේ (20) හෝකන්දර, ඉලුක්ඕවිට ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගී වුණි.

මෙම ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස, අධ්‍යාපනික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ලබාදෙන දායකත්වය පෙන්වාදෙමින් එම විද්‍යාලීය විදුහල්පතිවරයා වෙත ඉදිකිරීම් ද්‍රව්‍ය සහ විදුලි උපකරණ පරිත්‍යාගයක්ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම හා යුද්ධ හමුදා විධායක ජෙනරල්, මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, ගුරු භවතුන්, දෙමාපියන් සහ පාසල් සිසු සිසුවියන් රැසක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT