Monday, April 21, 2025
Home » අලි බිලිගන්න යකඩ යකාගේ ගැටළුව ගැන ආණ්ඩුවේ නවතම තීරණ

අලි බිලිගන්න යකඩ යකාගේ ගැටළුව ගැන ආණ්ඩුවේ නවතම තීරණ

by yasara
February 21, 2025 9:33 am 0 comment

ඊයේ උදෑසන ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ  ගැටී වන අලීන් 6ක් මියයාමත් සමඟ ප්‍රවාහන, පරිසර, ඩිජිටල් යන අමාත්‍යංශ, දුම්රිය හා වනජීවි දෙපාර්තුමේන්තුව  සහ මීට අදාළ ආයතන වල  ඉහළ නිලධාරීහු ද විවිධ පරිසර හා වනජීවී සුරකින සංවිධාන ද එක්ව පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූහ. මේ විශේෂ කමිටුව මගින් දීර්ඝ සංවාදයකින් පසු තීරණ රැසක් ගනු ලැබ ඇත.

ඒ අතර,

* අලි අනතුරු බහුල මේ පෙදෙසේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීම,

* ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම,

* මෙය විසඳීමට ප්‍රජා මූල කණ්ඩායම් සෘජුව ම සහභාගී කරවාගැනීම,

* දුම්රිය වල ආලෝක පද්ධතීන් ඉදිරියට මෙන් ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමට සළකා බැලීම ආදිය මූලික විය.

එමෙන් ම සාකච්ඡාවේ දෙවන අදියර ලෙස අනිද්දා, එනම් පෙබරවාරි 22 වන සෙනසුරාදා උදෑසන මෙම අනතුරු සිදුවන ස්ථානයට උක්ත සියලුම පාර්ශවයන් ගොස් පුළුල් නිරීක්ෂණයක් කර අදාල තීරණත් තවත් යම් සළකා බැලීම් ඇත්නම් ඒවාත් ක්‍රියාත්මක කිරීමට සූදානම් ය.

මෙම සුවිශේෂ සාකච්ඡාවට සහභාගී  වූ අය අතර ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ පරාසර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන් ම නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් යන මහත්වරු ද පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරු ද උක්ත සියලු ආයතන වල ප්‍රධාන නිලධාරීවරු ද සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT