Home » රතු නිවේදන ලැබූ අපරාධකරුවෝ දෙදෙනෙක් ඉන්දියාවෙන් පිටුවහල් කෙරෙති

රතු නිවේදන ලැබූ අපරාධකරුවෝ දෙදෙනෙක් ඉන්දියාවෙන් පිටුවහල් කෙරෙති

by mahesh
February 21, 2025 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

මෙරට සිදු වූ බරපතළ අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සහ ජාත්‍යන්තර පොලීසිය විසින් ලැයිස්තුකර ඇති අපරාධකරුවන් දෙදෙනකු ඊයේ (20) ඉන්දියාවෙන් පිටුවහල් කර මෙරටට එවනු ලැබීය.

ඉන්දියාවෙන් පිටුවහල් කරනු ලැබූ මෙම සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනිණි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ, මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නමැත්තන්ය.

වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය සිටි මෙම සැකකරුවන් දෙදෙනා ඉන්දියාවට පලා ගොස් සිට ඇති බවත්, පසුව ජාත්‍යන්තර පොලීසියෙන් නිකුත් කළ රතු නිවේදනවලට අනුව එරට දී අත්අඩංගුවට ගෙන තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT