Monday, April 21, 2025
Home » රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට වඩාත් යෝග්‍ය අය-වැයක්

රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට වඩාත් යෝග්‍ය අය-වැයක්

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ජනපතිට ප්‍රශංසා

by mahesh
February 21, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

සංවර්ධනය මූලික කරගනිමින්, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් ශක්තිමත් කරගැනීම සඳහා වඩාත් යෝග්‍ය අය-වැයක් මෙවර සකස් කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් කාලින්ද ජයවීර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමුකර ඇති ලිපියක දැක්වෙන්නේ ස්ථාවර රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයට උපරිම සහාය ලබා දෙන බවයි. 2025 වර්ෂයට අදාළව ප්‍රකාශයට පත් කරන ලද රජයේ අය-වැය ලේඛනය මඟින් පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ රජයේ සේවකයන් සඳහා විශේෂයෙන් මූලික වැටුප ඉතා ඉහළ අගයකින් වැඩි කිරීම මඟින් බරපතළ ලෙස අඩු මූර්ත අගයක් සහිත වැටුපක් ලද රජයේ සේවකයන් හට සාධාරණය සැලසීමට ඉහළම උත්සාහයක් ගැනීම ප්‍රශංසනීය බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම බදු පැහැර හැරීම නතර කරදැමීම සඳහා මූල්‍ය ගනුදෙනු ඩිජිටල් පද්ධති භාවිතයෙන් සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට යොමු වීම ද, ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත හැකි වන පරිදි විනිවිදභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ලිපියේ සඳහන් වේ.

වංචාව හා දූෂණය වැළැක්වීම සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් ඇති වන ආකාරයේ නීති රීති හඳුන්වාදීම සඳහා රජයේ කැපවීම තහවුරු කිරීම ද, බදු එකතු කිරීමේ ආයතන කාර්යක්ෂම කිරීමට කටයුතු කිරීම සඳහා ඔවුන් වෙත ඉහළ ඉලක්ක ලබා දීම සම්බන්ධයෙන් ද ජනතා මතය නිවැරදි ලෙස අය-වැය මඟින් ප්‍රකාශ වන බව එම ලිපියේ සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT