Home » ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමන නිමා කරයි

by mahesh
February 21, 2025 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් අමරණීය ගීත රැසක් දායාද කළ ප්‍රවීණ ගායන ශීල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය (82) ඊයේ (20) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය. තිදරු මවක වන ඇය දශක හයකට ආසන්න කාලයක් පුරා මෙරට සංගීත කලාව පෝෂණය කරමින් ගීත 800ක් පමණ ගායනා කර තිබේ. 1954 වසරේදී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශිල්පීය ගායන වැඩසටහන් හරහා සිය සංගීත ගමන් මඟ ඇරඹූ අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කළ Òසෙංකඩගලපුර දළදා බුදුරැස්Ó, Òරන් දොරින් එන්න ආදරේÓ, Òමේ උදාර ලංකා භූමියයිÓ, Òතාරකාවලින් ලියූ නමුදු අම්බරේÓ, Òකන්ද උඩින් හඳ පායන ලීලාÓ, Òඔන්න බබෝ ඇතින්නියාÓ, Òබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අදÓ, Òසබඳ ඔබේ හද අංජලීකරණීයයිÓ, Òවිලක නෙළුම් මට කුමටදÓ, Òපින්න මල් පිපීÓ වැනි ගීත රැසක් ජනහදවත්වල සදා අමරණීයය.එමෙන්ම පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, නිමල් ගුණසේකර සහ ඒ.එල්.බී. කන්දෙපොළ වැනි ප්‍රවීණ ගායන ශිල්පීන් සමඟ එක්ව Òඅනෝතත්ත විල නෙළුම නෙළාලාÓ, Òහිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේÓ, Òපෝය දාට පායන සඳ කුමක්Ó, Òආදර චාරිකා ජීවන චාරිකාÓ වැනි යුගළ ගීත රැසක් ද ඇය විසින් දායාද කර ඇත.

වීරකැටිය මහා විද්‍යාලය, අශෝක විද්‍යාලය, පිඹුර මහා විද්‍යාලය, බුලත්සිංහල විද්‍යාලය, පාණදුර පිංවත්ත මහා විද්‍යාලය, පාණදුර රාජකීය විද්‍යාලය සහ සද්ධර්මෝදය විද්‍යාලයන්හි ගුරුවරියක් ලෙස සේවක කර පසුව රජයේ පාසල් සංගීත අධ්‍යක්ෂ තනතුරක් ද හෙබවූවාය. ඇය නව පරපුරේ ගායන ශිල්පීන් රැසකට මඟ පෙන්වා ඇත. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT