Home » රජයේ සැප වාහන ලබන මස වෙන්දේසි කරයි

රජයේ සැප වාහන ලබන මස වෙන්දේසි කරයි

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව කියයි

by mahesh
February 21, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

පසුගිය ආණ්ඩු සමයේ දී මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වාහන තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට නිම කර තිබෙන බව ද පැවසේ.

ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු පසුගිය පාලන සමයන් තුළ මැති ඇමැතිවරු, විශේෂයෙන් සෘජුවම දේශපාලන කටයුතුවලට සම්බන්ධ පිරිස ඇතුළුව විවිධ පුද්ගලයන් භාවිත කරමින් සිටි රජයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් නැවත ලබා ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව විවිධ පුද්ගලයන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ තවත් ස්ථාන කිහිපයක මෙම වාහන ගෙනවිත් දමා ගොස් තිබිණි. ඉතා ඉහළ මිල ගණන් යටතේ මේවා මෙරටට ගෙන්වා ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මේ වාහන වෙන්දේසි කිරීමට තීරණය කෙරිණි.

ඉහළ ඉන්ධන පිරිවැයක් යන එම සුඛෝපභෝගී වාහන වත්මන් රජය, රජයේ කටයුතු වෙනුවෙන් භාවිත කිරීම අත්හිටුවා ඒවා වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව එම වෙන්දේසි කිරීමේ කටයුතු ලබන මාසයේ දී සිදුකෙරේ.

රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ දී වෙන්දේසි කරන බවට පසුගිය 17 දා 2025 අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශයක් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT