ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබා ගැනීමට නවීන තාක්ෂණය සමඟ විධිමත් යන්ත්‍රණයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ඊශ්‍රායල් රැකියා සඳහා සිදු කරන ලියාපදිංචි කිරීම්, බඳවා ගැනීම්, යෝග්‍යතා පරීක්ෂණවලදී විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට නවීන තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“විදේශ රැකියාලාභීන්ට සාධාරණත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය සහතික කිරීමට යල් පැනගිය ක්‍රියාවලිය වෙනුවට නවීන ඩිජිටල් තේරීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. එමඟින් රැකියා අවස්ථා සඳහා ප්‍රමාදයකින් තොරව යොමු කිරීමට හැකියාව ලැබෙනවා. මේ වෙනස් කිරීමෙන් සාධාරණත්වය සහ ඩිජිටල් පරිවර්තනය සඳහා සියලු පාර්ශ්වවල කැපවීම අවශ්‍යයි.”