232
නිට්ටඹුව පොලිස් වසමේ දී නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුධයකින් ප්රහාරයක් එල්ල කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්රහාරය එල්ල කර ඇති බවට පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වේ.