Tuesday, April 22, 2025
Home » ජා ඇළ පමුණුගම වෙරළ තීරයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ජා ඇළ පමුණුගම වෙරළ තීරයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by chanaka
February 21, 2025 1:12 pm 0 comment

crime news Srilanka

ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ (20) රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබේ.

තොරතුරු වාර්තාවන පරිදි මෙලෙස ඝාතනය වූ පුද්ගලයා, ඩුබායිහි සිට ඇති අතර මෙරටට පැමිණ මාස දෙකක් පමණ ගතව ඇත.

ඔහුට වෙඩි තබා ඝාතනය කරන ආකාරය අසල කැමරාවක සටහන්ව තිබිණි.

ඝාතනයට හේතුව හෝ ඝාතනය සම්බන්ධව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවද පොලිසීය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT