437
ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඊයේ (20) රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබේ.
තොරතුරු වාර්තාවන පරිදි මෙලෙස ඝාතනය වූ පුද්ගලයා, ඩුබායිහි සිට ඇති අතර මෙරටට පැමිණ මාස දෙකක් පමණ ගතව ඇත.
ඔහුට වෙඩි තබා ඝාතනය කරන ආකාරය අසල කැමරාවක සටහන්ව තිබිණි.
ඝාතනයට හේතුව හෝ ඝාතනය සම්බන්ධව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවද පොලිසීය පැවසීය.