215
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් කථානායකවරයා අද (21) නිවේදනයක් සිදු කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන ලෙස වරින් වර තමා වෙත යොමු කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයා වෙත එම ඉල්ලීම යොමු කර ඇති බව කථානායකවරයා නිවේදනය කරන ලදි.