Home » නීති විරෝධි ධීවර කටයුතු සිදුකල 17ක් නීතියේ රැහැනට

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල 17ක් නීතියේ රැහැනට

by chanaka
February 21, 2025 12:26 pm 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොක්කඩි,නන්දිකඩාල්, මුලතිව්,ආනවාසල, සින්නපාඩු සහ කඩෙයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි පෙබරවාරි මස 13වැනිදා සිට 19වැනිදා දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින්,නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍යභාවිතයෙන් මසුන් ඇල්ලීම, වලංගු ධීවර බලපත්‍ර නොමැතිවනීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් හා හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහ හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් සමඟ ධීවර යාත්‍රාදොලහක්, යතුරු පැදියක් සහ නීති විරෝධී ධීවර දැල් එකසිය පනස් හයක තොගයක්, මුහුදු කූඩැල්ලන් එකසීය අසූහතරක් හා හක්බෙල්ලන් විසි දෙකක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, 2025 පෙබරවාරි මස 13,14,15 සහ 16යන දිනයන්හීදී නැගෙනහිරනාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් මුලතිව් මුහුදු ප්‍රදේශයේ සහ නන්දිකඩාල් කලපු ප්‍රදේශයේසිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධීදැල් භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකරමින් සිටි ධීවරයින් හයදෙනෙකු (06), ඩිංගි යාත්‍රා දෙකක් (02),කුඩා යාත්‍රා හයක් (06) සමඟ නීති විරෝධී උගුල් දැල් එකසීය විසි පහක් (125), නීති විරෝධී ට්‍රැමල් දැල්විසි එකක් (21),නීති විරෝධී නයිලෝන් දැල් නවයක් (09)සහ පර්සී දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.

2025පෙබරවාරි මස 15 වැනි දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවිකනෞකා පැරකුම්බා ආයතනය මඟින් ත්‍රීකුණාමලය කොක්කඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරඇල්ලූ බවට සැක කෙරෙණමත්ස්‍යයන් තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2025 පෙබරවාරි මස 16 වැනි දින වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් ආනවාසල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් සහ හක්බෙල්ලන් අල්ලන ලද ධීවරයින් තිදෙනෙකු (03), ඩිංගි යාත්‍රාවක් (01) සමඟ මුහුදු කූඩැල්ලන් එකසිය තිස් නවයක් (139) හා හක්බෙල්ලන් විසි දෙකක් (22) සහශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මඟින් 2025 පෙබරවාරි මස 19 වැනි දින හලාවත සින්නපාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් අල්ලන ලද ධීවරයින් හයදෙනෙකු (06), ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ මුහුදු කූඩැල්ලන් හතලිස් පහක් (45) හා කිමිදුම් උපකරණ නාවිකහමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.

2025පෙබරවාරි මස 19 වැනි දින උතුරු නාවික විධානයට අයත්නාවිකස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය මඟින් මුල්ලියාන් කඩෙයිකාඩු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළසැකකරුවෙකු (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01)නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 58ත් අතර වයසේ පසුවන මුලතිව්,පුත්තලම, කල්පිටිය, කොට්ටන්තිවු, තෝපූර් සහමුල්ලියාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් සමඟ ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය, පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය, මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය, මුතූර් ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙතඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT