Tuesday, April 8, 2025
Home » ‘බුද්ධං සරණං ගච්ඡාමි’ සිතුවම් දැක්ම

‘බුද්ධං සරණං ගච්ඡාමි’ සිතුවම් දැක්ම

by mahesh
February 21, 2025 1:00 am 0 comment

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කර පවත්වන බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශනය Òබුද්ධං සරණං ගච්ඡාමිÓ සිතුවම් දැක්ම පසුගිය නවම් පුර පසළොස්වකදා කැලණිය විහාරස්ථානයේදී පැවැත්විණි. නවදිල්ලි නුවර ජාතික නූතන කලාගාරය විසින් සම්පාදනය කරනු ලබන මේ සිතුවම් දැක්ම සඳහා බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා නිරූපණය වන සහ බුදුදහම සහ අධ්‍යාත්මය විකාශනයේ වැදගත් වන සිතුම් රැසක් ඇතුළත්ය.

බුද්ධ චරිතය මෙන්ම බෞද්ධ ඉගැන්වීම් දැක්වෙන මේ සිතුවම් නූතන ඉන්දීය කලාවේ ප්‍රවේණින් විසින් සිතුවම් කරනු ලැබ ඇත. මෙම සිතුවම් 2025 වසරේ සෑම පොහෝ දිනකදීම ශ්‍රී ලංකාව පුරා විවිධ බෞද්ධ විහාරස්ථානයන්හි පවත්වන්නට කටයුතු යොදා ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අදහසයි.


නිනාද් ක්ලැසිකල් නයිට්’ අදයි

ආනන්ද විද්‍යාලයීය සංගීත කවය මඟින් සංවිධානය කරන ‘නිනාද් ක්ලැසිකල් නයිට්’ ශාස්ත්‍රීය සංගීත සමාධිය අද (21) දින පස්වරු 5.00 සිට හෙට (22) පහන් වනතුරු ආනන්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.මීට සමගාමීව ශාස්ත්‍රීය සංගීත තරගාවලියක් ද පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා,ඉන්දියානු මහ කොමසාරිස්වරයා, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ප්‍රධාන ආචාර්යවරුන් ඇතුළු සංගීතය කෙරෙහි ඇල්මක් දක්වන සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.


“රාජසභාවෙන් බඩුම තමා” හෙට

මහින්ද පතිරගේ පිටපත රචනා කර අධ්‍යක්ෂණය කළ ‘රාජසභාවෙන් බඩුම තමා වේදිකා නාට්‍ය නිර්මාණය හෙට (22) පදවි, ශ්‍රී පුර ධම්මාලෝක පිරිවෙනේ දී වේදිකාගත කෙරේ. එරික් සහ මහින්ද රංගනයෙන් එක්වෙති.


හුනුවටයේ කතාව අද

හෙන්රි ජයසේන පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ හුනුවටයේ කතාව වේදිකා නාට්‍යය අද (21) පෙ.ව. 08.15 සහ 11.00 එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.


“ලොක්කා ලෙඩ වෙලා” අනිද්දා

ගිහාන් ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණයක් වන ලොක්කා ලෙඩ වෙලා අනිද්දා 23 සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් ගාල්ල හෝල්ඩි හෝල් රංග ශාලාවේදී වේදිකාගත කෙරේ.

නිශ්ශංක


එඩ්වඩ්-චරිතා යුවළගෙන් දරුවන්ට විශේෂ පන්ති

‘සඳ තරු මල්’ ළමා ගී තිළිණ කළ ප්‍රවීණ සංගීත හා ගායනවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් ⁣යුවළ විසින් පෙර පාසල් ප්‍රාථමික දරුවන් සඳහා ගායන පන්ති (අවුරුදු තුනේ සිට ඉහළට) ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර පාසල්වල දරුවන් සඳහා විශේෂ පන්ති ද පැවැත්වෙන අතර වැඩි විස්තර සඳහා විද්‍යුත් තැපෑල ඥඤඹචපඤණථචපචථඡචපඪ@ඨථචඪත.ජධථ හෝ සැරිසර සංගීත ශාලිකාව, මිරිහාන, නුගේගොඩ යන ලිපිනයෙන් ලබාගත හැකියි.


එරික් ජයලත්ගේ ‘සිත් රෑ’ ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී

චිත්‍ර ශිල්පි එරික් ජයලත් මහතා විසින් සිතුවම් කරන ලද නිර්මාණ රැගත් ‘සිත් රෑ’ චිත්‍ර ප්‍රදර්ශනය (Canvas painting) හෙට (22) සහ (24 ) යන දිනයන්හි පෙ.ව 8.30 සිට ප.ව 7.30 දක්වා කොළඹ 07, ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැවැත්වීමට නියමිතය. මෙහි සමාරම්භක උලෙළ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය නිශාන්ත හඳුන්පතිරණ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වෙති.

ඉන්දීවරී පෙරේරා


“සල්ලි අරන් හොරු ඇවිදින්” බණ්ඩාරගමදී

ප්‍රියන්ත රංජන්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘සල්ලි අරන් හොරු ඇවිදින්’ වේදිකා නාට්‍යය අනිද්දා (23) දා පස්වරු 3.30ට සහ 6.30ට බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැත්වේ. බණ්ඩාරගම ව්‍යාපාරික සංසදයේ සමාජ සද්කාර අරමුදල උදෙසා සංවිධානය කරනු ලබන මේ නවතම නාට්‍යය සඳහා කුමාර තිරිමාදුර, චරිත් සේනානායක, ශිරෝමිකා ෆර්නෑන්ඩු, කුමාරි සේනාරත්න, අනූෂා දිසානායක, රාමේෂ් සං‍ජේ, ලක්ෂ්මන් අමරසේකර රංගනයෙන් දායක වෙති. සංගීතය සරත් කුලාංග, අංග රචනය උපුල් මහානාම, වේදිකා පරිපාලනය රෝහණ හේවාවිතාරණ, ශබ්ද හා ආලෝක පරිපාලනය එම් ටූ එන්ටර්ටේට්මන්ට් සහ සම්බන්ධීකරණය රුවන් අමරසේකරගෙනි. හවුස් ඔෆ් ඩ්‍රාමා ඉදිරිපත් කිරීමකි.


“මල්වඩම් අනවශ්‍යයි” හක්මනට

හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සුබසාධක සංගමයට ආධාර පිණිස සංවිධානය කරනු ලබන ප්‍රියන්ත රංජන්ගේ ‘මල්වඩම් අනවශ්‍යයි’ වේදිකා නාට්‍යය 26 දා 3.30ට සහ 6.30ට හක්මන නගර ශාලාවේදී පැවැත්වේ. කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, සරත් කුලාංග, කුමාරි සේනාරත්න, මිහිරි ප්‍රියංගනී ආදීහු රංගනයෙන් දායක වෙති. සංගීතය සරත් කුලාංග, අංග රචනය කුමාර ගලහිටියාව, වේදිකා පරිපාලනය රෝහණ හේවාවිතාරණ, ශබ්ද හා ආලෝක පරිපාලනය එම් ටූ එන්ටර්ටේට්මන්ට් සහ සම්බන්ධීකරණය රුවන් අමරසේකරගෙනි. හවුස් ඔෆ් ඩ්‍රාමා ඉදිරිපත් කිරීමකි.

ඉරෝෂා දීපානි


ඇසුරු සිරිය ගී මියැසිය අනිද්දා

බොරැල්ල කාසල් රෝහලේ කාර්යමණ්ඩලයේ සහ රෝගීන්ගේ මානසික සුවය අරමුණු කරගනිමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන ඇතුළු රෝහල් කලා සංගමය විසින් සංවිධානය කරනු ලබන “ඇසුරු සිරිය ගී මියැසිය – 5” කලා ප්‍රසංගය සහ සමාජ සත්කාරය අනිද්දා (23) සවස 3.00ට රෝහල් ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කලා ප්‍රසංගය සඳහා නර්තනයෙන් සහ ගායනයෙන් සහභාගි වනුයේ විශේෂ අවශ්‍යතා සහිත දරුදැරියන් වීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT