පකිස්තානය හා බංග්ලාදේශය අතර අන්තර් රාජ්‍ය අර්බුදය හා එම අර්බුදකාරී තත්ත්වයන් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට කෙසේ බලපාන්නේ ද? වැනි කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.
පකිස්තානය හා බංග්ලාදේශය අතර අන්තර් රාජ්‍යව ඓතිහාසිකව ගොඩනැගුණු ගැටුමක් පැවතුණි. පකිස්තානය යනු බංග්ලාදේශය තුළින් නිදහස් වූ රටකි. එකල සිටම එම රටවල් දෙක අතර පවතින ලැබුවේ යම්කිසි ආතතියකි. බංග්ලාදේශය කාලයක් පුරාවට පාලනය කරනු ලැබුවේ අවාමි දීගය නම් පක්ෂයයි. එහි නායකත්වය දරනු ලැබුවේ ෂෙයික් හසීනා විසිනි. විශේෂයෙන්ම පසුගිය කල ෂෙයික් හසීනා අගමැතිනිය ලෙස කටයුතු කළ මෙම අවාමි ලීගය සලකනු ලැබුවේ ඉන්දියාවට හිතවත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසයි. එලෙසම පකිස්තානය හා බංග්ලාදේශය අතර එතරම් යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් පැවතුණු ලෙසට සඳහන් වූයේ නැත. නමුත් පසුගිය කල බංග්ලාදේශය යම්කිසි නොසන්සුන්තාවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස ෂෙයික් හසීනා අගමැතිනිය බලයෙන් ඉවත් වූවාය. එම බලයෙන් පහකිරීමට කටයුතු කළ විරුද්ධ පක්ෂය ගත් කල, මෙම විරුද්ධ පක්ෂවල ප්‍රධාන පාර්ශ්ව දෙකක් පැවතිණි. එක් පක්ෂයක් නම් බංගලාදේශයේ ජනතා පක්ෂය නම් පාර්ශ්වයයි. සෙසු පාර්ශ්වය නම් බංග්ලාදේශයේ ඉස්ලාම්වාදී එනම් මුස්ලිම් මූලක්‍රමවාදී ආගම හා දේශපාලනය සම්බන්ධ කරමින් කටයුතු කරන කණ්ඩායමයි. මෙම කණ්ඩායම් පකිස්තානය සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවතියි. එහිදී ෂෙයික් හසීනා බලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අරගලයේදී මෙම ඉස්ලාම්වාදී කණ්ඩායම් රඟදැක්වූ භූමිකාව හේතුවෙන් ෂෙයික් හසීනා බලයෙන් ඉවත්වීමත් සමඟින් මෙම කණ්ඩායම් සඳහා විශාල බලයක් අත්පත් විය. එනම් වැඩි බලපෑම් කිරීමේ හැකියාවක් බංග්ලාදේශීය දේශපාලනය තුළ මොවුන්ට හිමි විය. මෙම සාධකය සහ වෙනත් විවිධ වූ සාධක හේතුවෙන් ෂෙයික් හසීනා බලයෙන් ඉවත්වීමත් සමඟම දැක ගැනීමට හැකි කරුණක් නම් ඉන්දියාව හා බංග්ලාදේශය අතර මෙතෙක් කාලයක් පුරාවට පැවති යහපත් සම්බන්ධතාව පිරිහී යන්නට විය.
කලාපීය බලවතා
එලෙසම පකිස්තානය හා බංග්ලාදේශය අතර මෙතුළින් නව වටයකින් අලුත් සම්බන්ධතාවයක් ශක්තිමත් විය. පසුගිය වසරෙහි පකිස්තානයේ අගමැති සහ බංග්ලාදේශයේ අගමැති අතර හමුවක් පැවතිණි. එම හමුවේදී ඔවුන් අවධාරණය කර ඇති කාරණය නම් පරණ අතීතයෙහි කරුණු අමතක කර මෙම රටවල් දෙක අතර නව සබඳතාවන් කෙසේ තහවුරු කරගන්නේ ද යන්න කාරණාව. මෙහිදී කලාපයට අදාළව දැකගැනීමට ඇති කාරණයක් නම්, මෙම කලාපයේ පැවති ප්‍රධානතම ලක්ෂණයක් නම් ඉන්දියාව කලාපීය බලවතා වීමයි. ඉන්දියාවට සෑම උනන්දුව ඇත්තේ තම අසල්වැසි රාජ්‍යයන් ඉන්දීය හිතවාදී ලෙස එනම් ඉන්දියාවට විරුද්ධ නොවීමට වගබලා ගැනීමයි. එනම් අනුසස් සහිත කලාපය තුළ රැඳීම දැකීමට ඉන්දියාව ප්‍රිය කරයි. නමුත් පසුගිය කාලයේ සිදුවූ කරුණක් නම්, යම් ආකාරයකට බොහෝ රටවල් ඉන්දියාවෙන් ගැලවී යාමයි. එයට හොඳම උදාහරණයක් ලෙස මාලදිවයින දැකගැනීමට හැකියි. මාලදිවයිනෙහි පැවැත්වූයේ ඉන්දීය හිතවාදී ආණ්ඩුවකි. නමුත් නව ජනාධිපතිවරයෙක් බලයට පත්වීමත් සමඟ ඉන්දියාව දැඩි ලෙස විවේචනය කරමින් යම් ආකාරයකට චීන හිතවාදී ප්‍රවේශයක් අනුගමනය කිරීමට අරඹන්නට විය. එලෙසම බංග්ලාදේශය දැක ගැනීමට ඇති කරුණක් නම් ෂෙයික් හසීනා ආණ්ඩුව ගත් කල යම් ආකාරයකට ඉන්දීය හිතවාදයී විය. නමුත් වර්තමානය වනවිට ඉන්දියාව සම්බන්ධයෙන් හිතවාදී නොවන ආකාරයේ ආණ්ඩුවක් බලයට පත් වී ඇත. මෙවැනි ආකාරයේ කලාපීය වෙනස්කම් රාශියක් දැක ගැනීමට හැකියි. මෙහිදී යම් ආකාරයකට ඉන්දීය කලාපයේ ආධිපත්‍යය ප්‍රශ්න කිරීමට හේතුවක් වී ඇති බව දැක ගැනීමට හැකියි. එලෙසම ඉම්රාන් ඛාන් පකිස්තානයේ අගමැති වී සිටින කාලයේ එම රටේ පක්ෂ දෙකක් පැවතිනි. එම පක්ෂ දෙක පාකිස්තානය නිදහස ලැබීමෙන් පසු එම රට පාලනය කරනු ලැබීය. මෙම පක්ෂ දෙකටම විරුද්ධ වූ විකල්පයක් පුද්ගලයකු වශයෙන් මෙම ඉම්රාන් ඛාන් බලයට පත්විය. එහිදී ඉම්රාන් ඛාන් අවධාරණය කළ කරුණක් නම් පෙර පාලනයේ පැවති දූෂිත පක්ෂ විවේචනය කිරීමයි. එලෙසම ඉම්රාන් ඛාන්ගේ දේශපාලනයේ පැවති විශේෂ ලක්‍ෂණයක් නම් පකිස්තානයේ ඓතිහාසික භූ දේශපාලනික වශයෙන් පවතිනු ලැබුවේ අෙමරිකන් එක්සත් ජනපදයට හිතවත් ප්‍රතිපත්තීන් අනුගමනය කරනු ලබන රටක් ලෙසටය. එහිදී ඇෆ්ගනිස්ථානයේ අෙමරිකන් ආක්‍රමණය වැනි දෑ සමඟ මැදපෙරදිග කලාපය සහ මධ්‍යම ආසියානු කලාපය සම්බන්ධයෙන් අමෙරිකාවේ යම්කිසි ආක්‍රමණශීලී මැදිහත්වීමක් පැවතුණි. එම සෑම ගැටුමකදීම අමෙරිකාව සමඟ පකිස්තානය සම්බන්ධතාවක් පැවතුණි. උදාහරණයක් වශයෙන් අමෙරිකාවේ යුද ගැටුම් සඳහා පකිස්තාන භූමිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම දැකගැනීමට හැකියි.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්
ඒ නිසා පාකිස්තානය පිළිබඳව යම් අතෘප්තියක් ජනතාව අතර පැවතුණි. විශේෂයෙන්ම මෙම අතෘප්තිය ඉම්රාන් ඛාන්ගේ නැඟීම තුළින් ඉස්මතු විය. එලෙසම මේ විදේශ ප්‍රතිපත්තියේ දී එතෙක් කලක් පකිස්තානය අනුගමනය කළ දැඩි බටහිර ප්‍රතිපත්තිය ඉවත් කිරීමටත්, එය යම් ප්‍රමාණයකට මධ්‍යම තැනකට විදේශ ප්‍රතිපත්තිය ගෙන ඒමටත් ඉම්රාන් ඛාන්ගේ උත්සාහයක් පැවතුණි. විශේෂයෙන්ම චීනය සමඟ සම්බන්ධතාවන් තර කර ගැනීමට ඉම්රාන් ඛාන් කටයුතු කරන්නට විය. එලෙසම පකිස්තානයේ හමුදාවට විශාල බලයක් පැවතුණි. එහිදී පාකිස්තානයේ ඉතිහාසය ගත් කල අවස්ථා කිහිපයකදීම හමුදා ආණ්ඩුව පැවතුණි. විශේෂයෙන්ම සිවිල් ආණ්ඩුවට වඩා හමුදා ආණ්ඩුවක් පාකිස්තානයේ පැවැතිණි. වර්තමානයේදී ද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පැවතියද එහි පිටුපස හමුදාව විශාල කාර්යභාරයක් සිදු කරයි. හමුදාව විරුද්ධ කර ආණ්ඩුවකට පැවතීමට නොහැකි පරිසරයක් පාකිස්තානය තුළ පවතී. ඉම්රාන් ඛාන්ගේ තවත් ලක්ෂණයක් නම් බලයට එන විට හමුදාව සමඟ සමීප සම්බන්ධතාවක් පැවැතුණද ඔහු කටයුතු සිදුකරගෙන යන කාලයෙහිදී හමුදාවේ බලය සහ ඔහුගේ ආණ්ඩුව අතර යම්කිසි පරතරයක් ඇතිවිය. මෙම සියලු කරුණු කාරණා හේතුවෙන් ඉම්රාන් ඛාන් බලයෙන් ඉවත් කරන ලදි. පසුව මෙම ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ඡන්දයට ඉදිරිපත් වීමට පවා තහනම් කරන ලදි. නමුත් ලක්ෂ ගණනක් සිටින අතිවිශාල මෙම පක්‍ෂය තහනම් කර තිබිය දී පවා ස්වාධීන අපේක්ෂකයන්ගේ මාර්ගයෙන් ඡන්දයට ඉදිරිපත් වන ලදි. නමුත් වර්තමානය වනවිට ද ඉම්රාන් ඛාන් බන්ධනාගාරගත වී සිටියි. ඔහුට විශාල දූෂණ චෝදනා ප්‍රමාණයක් එල්ල වී ඇත. නමුත් ඉම්රාන් ඛාන් පවසනු ලබන්නේ එම චෝදනා සත්‍ය චෝදනා නොවන බවය. පසුගිය දෙසැම්බර් මස ඔහු රටට යම්කිසි ආයාචනාවක් කරනු ලැබුවේ මෙම තිබෙන තත්ත්වයට විරුද්ධව සිවිල් නීති ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
ඒ සම්බන්ධයෙන් විරෝධතාවන් පැවතුණද ජාතික මට්ටමින් ක්‍රියාත්මක වීමක් දැකගැනීමට නොහැකිය. එලෙසම මෙම කරුණු සියල්ලම ශ්‍රී ලංකාව වැනි රටකට ඍජුව බලපෑමක් සිදුකරන්නේ නැතත් කලාපීය දේශපාලනය යන කරුණ ගත් කල ශ්‍රී ලංකාවට යම්කිසි බලපෑමක් සිදුකරනු ලබයි. එහිදී ඉන්දියාවට ඇති ආධිපත්‍යය ගත් කල කලාපය තුළ යම් ප්‍රමාණයකට දුර්වල වීමයි. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාව වැනි රටක් ඉන්දියාවට විරුද්ධව පැතිකඩට ගියහොත් එය ඉන්දියාවට විශාල ගැටලුවක් වීමයි. එහිදී ඉන්දියාව උත්සාහ කරනු ලබන්නේ එවැනි තැනකට ශ්‍රී ලංකාව නොයන තැනට කටයුතු කිරීමයි. උදාහරණයක් විදිහට පසුගිය කාලයෙහි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාව පිළිබඳ සලකා බලමු. එහිදී, ඉන්දියාව විශේෂයෙන්ම අකැමැති වන කරුණ නම්, චීනය වැනි රටක් කලාපීය වශයෙන් දකුණු ආසියාව තුළ බලවත් වීමයි. එයින් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට ඉන්දියාව යොදන ප්‍රධාන උපක්‍රමය නම්, ආර්ථික වශයෙන් ආධාර ලබා දීමයි. එතැනින් එහාට ඉන්දියාව කටයුතු කරන්නේ, ශ්‍රී ලංකාව තමන්ගේ කලාපයෙන් ගැලවී යාම වළක්වා ගැනීමටයි. එලෙසින් මෙම කරුණු කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව වැනි රටකට සෘජුව බලපානු ඇත.
නිසංසලා කොට්ටගස්වත්ත