Wednesday, April 23, 2025
Home » ආසියානු සංවර්ධන බැංකුවෙන් අ‍ෙමරිකානු ඩොලර් මිලියන 900ක මූල්‍ය ප්‍රතිපාදන

ආසියානු සංවර්ධන බැංකුවෙන් අ‍ෙමරිකානු ඩොලර් මිලියන 900ක මූල්‍ය ප්‍රතිපාදන

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ආසියානු සංවර්ධන බැංකුව 2024 දී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 808ක් ලබා දීමෙන් පසු 2025 දී ඩොලර් මිලියන 900ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සාකච්ඡා අරඹා තිබේ.

බලශක්තිය, කෘෂිකර්මය, මූල්‍ය, සංචාරක සහ නිපුණතා සංවර්ධනය යන අංශ මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සඳහා මෙම ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇතැයි ADB හි ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී චොල්පොන් මැම්බෙටෝවා පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය වර්ෂයේ ADB විසින් අය-වැය ආධාර සඳහා ඩොලර් මිලියන 808ක ප්‍රතිපත්ති මත පදනම් වූ ණය අනුමත කර තිබිණි. ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමත් සමඟ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ප්‍රමුඛතා අංශයන්හි සහාය ලබා දීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී අධ්‍යක්ෂ Takafumi Kadono පැවසීය. එමෙන්ම ණය සහ ආධාර ලබාදීමේදී මූලික කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ රාමුවට සමපාත වන ආකාරයෙන් සැකසෙන බව (ADB) ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ පෙන්වා දෙයි.

ADB හි පසුගිය වසරේ ව්‍යාපෘති 27ක් හරහා 2025 ජනවාරි පළමු වැනිදා වන විට ස්වෛරී ණය ඩොලර් බිලියන 4ක් වැය කර තිබේ. 2025 සඳහා වන ව්‍යාපෘති මූලික අරමුණු 07ක් යටතේ සැලසුම්කොට තිබේ.

ඒ අනුව දුප්පත්කම තුරන් කිරීම හා අසමානතාව අවම කිරීම, දේශගුණික විපර්යාස අවම කිරීම හා ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම. නගර වඩාත් ජීවත්වීමට සුදුසු නගර බවට පත්කිරීම, ග්‍රාමීය සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම, පරිපාලනය ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීම, කලාපීය සහයෝගීතාව හා ඒකාබද්ධතාව වර්ධනය කිරීම වැනි අංශ යටතේ ව්‍යාපෘති ණය සහ අධාර ලබාදීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT