Home » ජාතික රෝහල ‘Medicare 2025’ ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රදර්ශනය සමඟ

ජාතික රෝහල ‘Medicare 2025’ ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රදර්ශනය සමඟ

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජාතික රෝහල ‘මෙහෙවර අභිමන්’ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ උපායමාර්ගික හවුල්කරුවකු ලෙස Medicare 2025 සමඟ අත්වැල් බැඳගෙන තිබේ. වසර ගණනක සිට පැවත එන මෙම සහයෝගිතාව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීමත් සැමට දයානුකම්පිත සේවාවක් සැපයීමත් අරමුණු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහල, සුවසේවා ප්‍රදර්ශනය ආරම්භයේ සිට මේ දක්වා ලබාදුන් සහයෝගයට කෘතගුණ සැලකීමක් ලෙස Medicare 2025 ආයතනික සමාජ වගකීම් වැඩසටහනෙහි සුවිශේෂී ස්ථානයක් ජාතික රෝහල වෙනුවෙන් ලබාදීමට Medicare 2025 කටයුතු කර තිබේ.

14 වැනි වරටත් පවත්වන Medicare 2025 ප්‍රදර්ශනය 2025 පෙබරවාරි 28 සිට මාර්තු 2 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ක්ෂේත්‍රයේ විශේෂඥයන්/ප්‍රවීණයන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ ආයතන රැසක් සහභාගි වීමට නියමිතයි. එමඟින් නූතන වෛද්‍ය තාක්‍ෂණය සහ දියුණු සෞඛ්‍ය සේවාවන් එකම ස්ථානයකදී අත්විඳීමට සැමට අවස්ථාව හිමිවේ. Asia Wellness Forum සහ Aitken Spence Conventions & Exhibitions සමඟ එක්ව සංවිධානය කර ඇති අතර මෙවර ප්‍රදර්ශනයේ තේමාව “නිරෝගීමත් ශ්‍රී ලංකාවක් උදෙසා” යන්නයි.

රටේ සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකා ජාතික රෝහල, විවිධ අභියෝග මධ්‍යයේ වුවද පුද්ගලයන් දහස් ගණනකට දෛනිකව සත්කාර සිදුකරනු ලබයි. ජාතික රෝහල සෞඛ්‍ය සේවා සැපයීමේදී ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ දැකබලා ගැනීමට මෙන්ම රටේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට ගෙන ඇති වැදගත් පියවරයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ද මෙවර ප්‍රදර්ශනය තුළින් අවස්ථාව හිමිවේ.

මෙවර ශ්‍රී ලංකා ජාතික රෝහලේ අවධානය යොමු වී ඇත්තේ අනතුරු සඳහා ගතහැකි ප්‍රතිකාර සහ අනතුරු වළක්වාගැනීමේ පියවරන් පිළිබඳ වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT