සමුද්‍ර දුෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් සඳහා COF සමඟ සම්බන්ධ වූ පළමු දේශීය බැංකුව බවට පත්වන අතර එය පාරිසරික තිරසාරභාවය සඳහා බැංකුවේ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙම හවුල්කාරිත්වයට ප්‍රධාන අංගයන් දෙකක් ඇතුළත් වෙයි. මීගමුව ආශ්‍රිත කළපුව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සහ දිය මුහුද පතුල පිරිසිදු කිරීම් සහ කොරල්පර සංරක්ෂණ ව්‍යාපෘතියයි. මීගමුව කලපු වැඩසටහන මඟින් ජෛව විවිධත්වය සඳහා තීරණාත්මක පරිසර පද්ධතියක් වන කළපුව සහ ඒ අවට කඩොලානවලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම ඉලක්ක කරයි. පිරිසිදු කිරීමේ ප්‍රයත්නයන්ට අමතරව, මෙම පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ ප්‍රාදේශීය ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන්ව මෙවැනි වැඩසටහන් සඳහා සම්බන්ධ කර ගැනීම, දැනුවත් කිරීම සහ පරිසර සංරක්ෂණ තුළින් ධනාත්මක බලපෑමක් ඇති කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.
මුහුදු පතුල පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාව පුරා ඇති උපාය මාර්ගික ස්ථානවල පිහිටා ඇති මුහුදු කොරල්පර සහ සාගර ශාක මත ඇති ප්ලාස්ටික් සහ සමුද්‍ර සුන්බුන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ. COF හි මුහුදු පතුල පිරිසිදු කිරීමේ වැඩසටහනට සහය දීමෙන්, NDB බැංකුව සමුද්‍ර ජෛව විවිධත්වය සහ වෙරළ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන කොරල්පර ප්‍රතිසංස්කරණය කිරීමට සක්‍රීයව දායක වේ. මෙම පුරෝගාමී උත්සාහය සමඟ සම්බන්ධ වීමෙන්, මෙම තීරණාත්මක වගකීම භාර ගන්නා පළමු දේශීය බැංකුව බවට පත් වෙමින් NDB බැංකුව පරිසර සුරැකීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස එම කටයුතුවලට දායක වේ.
මෙම හවුල්කාරීත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට එක්වෙමින් NDB බැංකුවේ මානව සම්පත් සමූහ ප්‍රධානී ලසන්ත දසනායක මහතා අවධාරණය කර සිටියේ “වගකිවයුතු ආයතනයක් වශයෙන් සමුද්‍ර දුෂණය වැනි පාරිසරික අභියෝගයන් සඳහා අඩු කිරීමට ගන්නා සෑම උත්සාහයකම අපගේ නොමැද සහය දක්වා සිටිමු. COF සමඟ මෙම හවුල්කාරිත්වය තුළින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පාරිසරික පද්ධති සඳහා කල්පවත්නා බල පෑමක් ඇති කිරීම සහ මෙම කර්තව්‍ය සඳහා අනෙකුත් පාර්ශ්වයන්ද සම්බන්ධ වීමට පෙළඹවීම අපගේ ප්‍රධාන අරමුණ” බවයි.