ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයා වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම (Asian Paints Causeway) ශ්‍රී ලාංකික ප්‍රජා සුබසාධනය වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වැඩිහිටි මානසික සෞඛ්‍ය වාට්ටුව පූර්ණ වශයෙන් පරිවර්තනයකට ලක් කර වර්ණගැන්වීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කළේය. මෙම ව්‍යාපෘතිය ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් දිවයින පුරා පාසල්, රෝහල් සහ සංස්කෘතික ස්ථාන වැනි පොදු මහජන අවකාශයන් නැවත වර්ණගන්වන “පැහැබර දිවි” වැඩසටහන යටතේ එහි තවත් එක් අදියරක් වශයෙන් ක්‍රියාත්මක කෙරිණි.
මානසික සෞඛ්‍යයට අදාළව මනෝභාවයන්, හැසිරීම සහ ශාරීරික ප්‍රතිචාරයන් කෙරෙහි පරිසරයේ වර්ණ විසින් දක්වන බලපෑම විද්‍යාත්මකව තහවුරු කෙරී ඇති අතර එනිසා මානසික නිරෝගීබවට උපකාරී වන ආරක්ෂිත, සුවපහසු, නිස්කලංක පරිසරයන් නිර්මාණය කිරීම සඳහා මෙම විද්‍යාත්මක දැනුම ලෝකය පුරා උපයෝගී කරගනු ලබයි. විශේෂයෙන්ම වැඩිහිටි මානසික රෝගීන්ට සුදුසු ප්‍රතිකාර පරිසරයක් නිර්මාණය කිරීමේදී වර්ණ භාවිතය හරහා කාංසාව අවම කිරීම, සන්සුන් බව වර්ධනය කිරීම සහ රෝගීන්ට සුරක්ෂිත සහ සුවපහසු හැඟීමක් ලබා දීම නිරන්තරයෙන් සිදු කෙරෙන්නකි. එමෙන්ම නිසි ආකාරයට තෝරා ගන්නා වර්ණ සංයෝජනයන් හරහා රෝගීන්ගේ ජානනීය ක්‍රියාකාරීත්වය, හැඟීම් ක්‍රියාකාරීත්වය, සුවදායක නින්ද, සන්සුන් බව වර්ධනය කිරීම සහ මානසික ප්‍රතිකාර සඳහා යෝග්‍ය මනෝභාවයක් ඇති කිරීම සිදු කළ හැකිය.
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වැඩිහිටි මානසික සෞඛ්‍ය වාට්ටුවෙහි ක්‍රියාත්මක කෙරුණු “පැහැබර දිවි” ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් වැඩිහිටි විශේෂඥ මනෝවෛද්‍ය මධුශානි ඩයස් මහත්මිය මෙසේ පැවසුවාය “වයෝවෘද්ධ මානසික ප්‍රතිකාරවල සාර්ථකත්වය සඳහා ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ ප්‍රතිකාර කරන පරිසරයක් නිර්මාණය කිරීම අතිශය වැදගත්. මනෝවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ සිදු කෙරී ඇති පර්යේෂණ ගණනාවක් හරහා පරිසරයේ වර්ණ සහ මානසික තත්ත්වයන් අතර පවතින සම්බන්ධතාව නැවත නැවත තහවුරු කෙරී තිබෙනවා වගේම එම දැනුම ලෝකය පුරා මානසික ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා.