Home » Vegolicious අධිප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

Vegolicious අධිප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධිප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධිප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසරත්වය ප්‍රමුඛ කර සලකන එම සමාගම සමබල පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ ගුණයෙන් සපිරි විකල්ප ආහාර නිපදවයි. බහු ධාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය නූඩ්ල්ස් වෙනුවට පරිභෝජනය කළ හැකි ප්‍රෝටීන් සහ තන්තු බහුල ආදේශකයකි. පුළුල් අධ්‍යයන හරහා තෝරා ගත් මාෂ බෝග, රනිල බෝග, ධාන්‍ය වර්ග යොදා පිළියෙල කර ඇති මෙම නූඩ්ල්ස් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක් සහ තන්තු ග්‍රෑම් 5ක් අඩංගු වේ. මෙම නූඩ්ල්ස් පරිභෝජනයෙන් අත්‍යවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරාගත හැකිය. ක්‍රියාශීලි ජීවන රටාවක් සහිත සෞඛ්‍යවත් ආහාර වේලක් අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම නූඩ්ල්ස් ඉතා සුදුසු වේ.

බහු ධාන්‍ය චොක්ලට් චිප් කුකීස් කොකෝවා, චොක්ලට් චිප්ස් සහ ප්‍රෝටීන් අතිරේක යොදා ගෙන නිපදවා තිබේ. ඉදුණු කෙසෙල්, ඕට්ස්, පැළෑටි පදනම් කර ගත් ප්‍රෝටීන් යොදා සකසා ඇති බහු ධාන්‍ය බනානා ඕට්ස් කුකීස් සීනි රහිත සහ පෝෂණීය අතිරේක ආහාරයකි. ස්වාභාවික පැණි රසයෙන් යුතු අතිරේක ආහාර ප්‍රිය කරන අයට බහු ධාන්‍ය රටඉඳි කුකීස් හඳුන්වා දී ඇත. තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, ප්‍රතිඔක්සිකාරකවලින් අනූන මෙම නිෂ්පාදන සෞඛ්‍යමය වාසි රැසක් ගෙන දෙයි. සිය නිෂ්පාදන පෙළ නිරන්තරයෙන් පුළුල් කරන Vegolicious සමාගම ඉදිරියේදී Vegolicious පැස්ටා, Vegolicious පපඩම්, Vegolicious බහු ධාන්‍ය කජු සහ රටකජු කුකීස් වැනි නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට නියමිතය. දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් නිෂ්පාදනවල තත්ත්වය සහ සුරක්ෂිත බව සහතික කරන එම සමාගමේ දැක්ම රසයට හානියක් නොවන පරිදි නිෂ්පාදනය කළ සෞඛ්‍යවත් ආහාර වෙළෙඳපොළට නිකුත් කිරීමයි. අත්දැකීම් බහුල ආහාර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් මෙම ආහාර නිපදවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT