Home » ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ ව්‍යාපෘතියෙන් දැවැන්ත පියවරක් තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ ව්‍යාපෘතියෙන් දැවැන්ත පියවරක් තබයි

by chanaka
February 21, 2025 12:55 pm 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයයි.

2030 වන විට විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ මෙරට ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වන බව නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක් කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියකි.

එමගින් මෙරට පුර්ජනනීය බලශක්තිය කරා යන ගමනේදී පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරන බවද විදුලි බල මණ්ඩලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT