Home » තිස­රගේ නාය­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකා සිංහයෝ නම් කරති

තිස­රගේ නාය­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකා සිංහයෝ නම් කරති

by Gayan Abeykoon
February 20, 2025 1:13 am 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර

ක්‍රිකට් තරග බිමේ ආසි­යානු රට­වල දස්කම් දැක්වූ ප්‍රබල ක්‍රීඩ­ක­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන ආසි­යානු ලෙජන්ඩ්ස් ලීග් (Asian Legends League 2025 / ALL T20) විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා එක්වන ශ්‍රී ලංකන් ලයන්ස් සංචි­තය නම් කර තිබේ. තිසර පෙරේ­රාගේ නාය­ක­ත්ව­යෙන් යුතුව නම් කර ඇති මේ සංචි­ත­යට ක්‍රීඩ­කයෝ 16 දෙනකු ඇතු­ළත්ව සිටින අතර, ආර­ම්භක පිති­ක­රු­වකු වන ධනුෂ්ක ගුණ­ති­ලක නම් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

කණ්ඩා­යම් 5ක සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලිය මාර්තු මස 10 වැනිදා සිට 18 වැනිදා දක්වා ඉන්දි­යාවේ රාජ­ස්ථාන්හි මිරාජ් ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ලයන්ස් සමඟ ඒෂි­යන් ස්ටාර්ස්, ඉන්දි­යන් රෝයල්ස්, ඇෆ්ග­නි­ස්තාන් පතාන්ස් සහ බංග්ලා­දේශ් ටයි­ගර්ස් ලෙස කණ්ඩා­යම් මේ තර­ගා­ව­ලි­යට එක් වෙයි.

කේදර් ජාදව්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් ඒෂි­යන් ස්ටාර්ස් කණ්ඩා­ය­මට ද ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් සිවු­දෙ­නකු එක්ව සිටිති. ආර­ම්භක පිති­ක­රු­වන් වන ළහිරු තිරි­මාන්න,  ඩිල්ෂාන් මුණ­වීර, තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් වන ශෙහාන් ජය­සූ­රිය සහ සීක්කුගේ ප්‍රසන්න ද ඊට ඇතු­ළත්ව තිබේ.

ශ්‍රී ලංකන් ලයන්ස් පිල මාර්තු 11 වැනිදා ඉන්දි­යන් රෝයල්ස් පිලට එරෙ­හිව පළමු තර­ග­යට එක්වන අතර, දෙවැනි තර­ගය 12 වැනිදා ඇෆ්ගන් පිලට එරෙ­හිව පැවැ­ත්වෙයි.

13 වැනිදා ඒෂි­යන් ස්ටාර්ස්ට එරෙ­හිව තරග වදින ශ්‍රී ලංකා පිල 14 වැනිදා මූලික වටය අව­සන් කරන්නේ බංග්ලා­දේශ් ටයි­ගර්ස් පිල සමඟ තර­ග­යෙනි.

ශ්‍රී ලංකන් ලයන්ස් සංචි­තය – තිසර පෙරේරා (නායක), තිල­ක­රත්න ඩිල්ෂාන්, උපුල් තරංග, චාමර කපු­ගෙ­දර, චතු­රංග ද සිල්වා, ධනුෂ්ක ගුණ­ති­ලක, ජීවන් මෙන්ඩිස්, අශාන් ප්‍රියං­ජන්, ඉසුරු උදාන, චාමර සිල්වා, අසේල ගුණ­රත්න, ඇන්ජලෝ පෙරේරා, තිලාන් තුෂාර, මලින්ද පුෂ්ප­කු­මාර සහ මිලින්ද සිරි­ව­ර්ධන.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT