රුපියල් බිලියන 2200ක මෙවර අය-වැය හිඟය පියවා ගන්නේ කෙසේ දැයි අය-වැය යෝජනාවල සඳහන් නොවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
බෙන්තර – ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පෙරේදා (18) පැවැති බෙන්තොට ප්‍රාදේශීය සභා හිටපු නියෝජිත හමුවකදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේද කීය.
“කොපමණ සුන්දර අය-වැය යෝජනා ඉදිරිපත් කළත් ඒවා යථාර්ථයක් බවට පත්කර ගැනීම ප්‍රධාන අභියෝගයක්. ආණ්ඩුවක සමත් අසමත්භාවය මැනිය හැක්කේ එයින්. යෝජනා ක්‍රියාත්මක නොකිරීම නිසා රටේ මහා වැඩවර්ජන සිදු වෙලා තිබෙනවා. වර්තමානයේ එවැනි වැඩවර්ජන කළ කණ්ඩායම් රට පාලනය කිරීම තුළ රටට යහපතක් සිදු වෙයි කියලා අප බලාපොරොත්තු වෙනවා.
2015 අපි රට භාර ගන්නකොට කාර්යාල කාර්යය සහායක අවම වැටුප තිබුණේ රුපියල් 11,726.00 යි. අපි නැවත 2024 දී රට භාර දුන්නේ කාර්යාල කාර්යය සහායකයෙකුට රුපියල් 24,250.00 ක මූලික වැටුපක් සමඟින්. ගෑස්, පෙට්‍රල් සියල්ලෙහිම මිල වැඩිවී තිබෙන අවස්ථාවක 2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩුව භාර අරගෙන දින 100ක් ඇතුළත ලබාදෙන සහන අය-වැයට ඇතුළත් කර, ණය ගෙවීම සහ ණය ලබාගැනීම යන කාරණා සංසන්ධනය කර මහජනතාවටත් සමස්ත රාජ්‍ය යන්ත්‍රණයටත් සහන සැලසුවා. ඒ වගේම අපි තවත් සුවිශේෂී කාරණා කිහිපයක්ම මේ රටේ මහජනතාව වෙනුවෙන් සිදු කළා.
ගෑස්, පෙට්‍රල් සියල්ලෙහිම මිල වැඩි වී තිබෙන අවස්ථාවක 2015 ජනවාරි 08 වැනිදා භාර අරගෙන දින 100ක් ඇතුළත ඒ අයගේ සහන දීලා, ඒ ලබාදෙන සහන අය වැයට ඇතුළත් කර, කොහොම ද ණය ගෙවන්නේ සහ ණය ලබාගන්නේ කියන කාරණා දෙක සංසන්ධනය කර තමයි මහජනතාවටත් සමස්ත රාජ්‍ය යන්ත්‍රණයටත් සහන සැලසුවේ. 2022 මැයි මාසයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා භාර ගත්තේ කඩාවැටුණු රටක්. සුපර් මාර්කට්වලට දර මිටි ආපු යුගයක්, ගෑස් පෝලිං, තෙල් පෝලිම්, පොහොර පෝලිම්, විදුලිය පැය 10ක් 15ක් කප්පාදු වුණ මහා අභියෝග ගණනාවක් තිබුණා.