Monday, April 21, 2025
Home » නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය එන තෙක් උණුසුම් තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය එන තෙක් උණුසුම් තත්ත්වය තවදුරටත්

by yasara
February 20, 2025 4:17 pm 0 comment

මේ දිනවල පවතින ඊසාන දිග මෝසම් තත්ත්වය පෙබරවාරි මසින් අවසන් වුවද එළැඹෙන මාර්තු, අප්‍රේල් මාසවලද අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ඇති වීම හේතුවෙන් මීටත් වඩා උණුසුම් තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය.

ඒ කාල වකවානුවේ සුළං හමන වේගය අඩුවීම මෙන්ම අධික සූර්ය ශක්තිය පොළොවට පතිත වී පොළොව අවට ජලාශ ප්‍රදේශ රත්වීමෙන් වායුගෝලය ජල වාෂ්පවලින් සංතෘප්ත වීම මිනිස් සිරුරට දමන දහඩිය වියළෙන්නට බාධාවක් වීම හේතුවෙන් මෙම අධික උණුසුම් තත්ත්වය ඇතිවී ඇති බව  හෙතෙම  පවසයි.

මේ දිනවලට  සාපේක්ෂව ඉදිරි මාස දෙක තුළ ද අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවැතිය ද මැයි මස අග වනවිට නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය පැමිණීමත් සමඟින් ක්‍රමයෙන් එය පහව යන බව ද පැවසීය.

(නාමලී ගමගේ )

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT