රුපියල් තිස් එක් ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය මාතලේ , නාඋළ , කනමුලයාය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වොලිබෝල් ක්‍රීඩිකාවකි .
ඇය ඩුබායි හි කෙටි සංචාරයක නිරත වී පැමිණෙන අතරතුර මෙසේ නීතිවිරෝධී ලෙස මෙම දුම්වැටි තොගය ද රැගෙන විත් තිබුණි .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම් ” වර්ගයේ දුම්වැටි 20,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 104 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන 02/25 දින ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .