Wednesday, April 9, 2025
Home » රටේ ආරක්ෂාවට තර්ජනයක්

රටේ ආරක්ෂාවට තර්ජනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

අධි­ක­ර­ණය තුළදී පවා අනා­ර­ක්ෂිත තත්ත්ව­යක් නිර්මා­ණය වී ඇති බැවින් ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් දැඩි අව­ධා­නය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ආණ්ඩු පක්ෂ­යෙන් ඉල්ලී­මක් කළේය.

අද වන විට රටේ නීතිය හා සාමය ක්ෂේත්‍රයේ බර­ප­තළ ගැට­ලු­වක් මතුව මිනී­මැ­රුම් සිදු­වන බවත් කුඩා දරු­වන් පවා මිය­යන හෙයින් මීට වඩා ශක්ති­මත් විස­ඳු­මක් රජ­යෙන් අවශ්‍ය බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය. ඒ සඳහා විප­ක්ෂය සහ­යෝ­ගය දීමට සූදා­නම් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව සඳ­හන් කළේ ගණේ­මුල්ලේ සංජීව නම් තැනැත්තා අධි­ක­ර­ණය තුළදී ඝාත­නය වීම සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මිනි.

අධි­ක­ර­ණය තුළ පවා අනා­ර­ක්ෂිත තත්ත්ව­යක් මතුව ඇති බවත් අධි­ක­ර­ණ­යට පුද්ග­ල­යකු යන්නේ මරණ බියෙන් නම් එය බර­ප­තළ ගැට­ලු­වක් බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය. එම නිසා මේ පිළි­බඳ අව­ධා­නය යොමු කර ශක්ති­මත්ම තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් සමා­ජය තුළ මෙවැනි දේවල් සිදු නොවිය යුතු බවත් හෙතෙම පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT