දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා තිබේ.
දිනපතා බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන ‘කැලිප්සෝ’ දුම්රිය ඊයේ (19) දිනයේ සංචාරකයන්ගෙන් පිරී ගිය බවත්, ඊයේ දිනයේ පමණක් මේ ආදායම ලබා ගත් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිනමිණ’ට පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය. “දෛනිකව රුපියල් ලක්ෂ පහක පමණ ආදායම් ලබන කැලිප්සෝ දුම්රිය වැඩිම ආදායමක් ඊයේ දිනයේ වාර්තා කළා. එහි දිනක වියදම රුපියල් ලක්ෂ හතරක් පමණ වෙනවා. මේ දුම්රියට මෙන්ම දුන්හිඳ ඔඩිසි දුම්රියට සංචාරක ආකර්ෂණය ඉතා ඉහළයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ ටිකට්පත් තත්පර කිහිපයකදී විකිණී අවසන් වෙනවා.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ අසිරිය විඳින්නට සංචාරකයන් දැඩි උනන්දුවක් දක්වනවා. දෙමෝදර අසල විනාඩි 10ක් ද, ඇල්ල ආරුක්කු 9 පාලම මත විනාඩි 10ක් ද නතර කර සංචාරකයන්ට එහි සිරි නැරඹීමට අවස්ථාව දෙනවා. රජයට ආදායම් ලබා දීම මෙන්ම විශිෂ්ට සේවාවක් සැපයීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සෑම පියවරක්ම ගන්නවා.”